ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රීන ලංකා රුපියල තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කරයි. මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 343.97 ක් විය. එහි විකුණුම් මිල 356.73 ලෙස සටහන් විය.
මේ අතර ඊයේ (01දා) දිනයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 351.72 ක් විය. එහි විකුණුම් මිල 362.95 ලෙස සටහන් විය.
එසේම පෙරේදා (28) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 357.68 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 366.92 ක් ලෙස සටහන් විය.