පසුගිය සතියේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂෂ ශක්තිමත් වූ ශ්රී ලංකා රුපියල මේ සතියේදී තවදුරටත් කඩා වැටීමකට ලක්වෙමින් පවතී. ශ්රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්රී ලංකා රුපියල ඊයේ දිනයට සාපේක්ෂව තවදුරටත් කාඩ වැටුණි.
ඒ අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්රී ලංකා රුපියල් 318.99 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්රී ලංකා රුපියල් 303.19 ක් ලෙස සටහන් විය.
පසුගිය සතියේදී ඩොලරයක විකුණුම් මිල මෙන්ම ගැණුම් මිල රුපියල් 300ට අඩු අගයක පැවැතුණි.