ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පැවසීය. කොළඹදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කළේ ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට අඩු මට්ටමක පවතින බවයි.
ඔක්ටේන් 92 බැරලයක් පෙට්‍රල් ඩොලර් 100 ට, ඔක්ටේන් 95 පෙට්‍රල් බැරලයක් ඩොලර් 103 ට, ඔටෝ ඩීසල් බැරලයක් ඩොලර් 112 ට, සුපිරි ඩීසල් බැරලයක් ඩොලර් 115 සහ භූමිතෙල් බැරලයක් ඩොලර් 105 ට ආනයනය කර ඇති බවත් ඔහු සඳහන් කළේය. ඉන්ධන මිල සූත්‍රය ගණනය කළ යුතු බවන්නේ ආයනය වටිනාකම අනුව බවද ඔහු පෙන්වා දුන්නේය.
මේ අතර පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ පවතින මිලට වඩා ඉන්ධන ලබාදීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති හෝ වෙනත් අයෙක් වේ නම් එම පුද්ගලයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ලෙස පත්කිරිමට තමන් සූදානම් බවයි.