ශ්‍රී ලංකාවේ රුපියල් ආදායමද නොමැති බවත් ඉදිරියේදී රුපියල් ට්‍රිලියනයක පමණ මුදල් මුද්‍රණය කිරිමට සිදුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ අනුව ඉදිරියේදී ශ්‍රි ලංකාවේ වාර්ෂික උද්ධමනය සියයට 40ක් දක්වා ඉහළ යනු ඇති බවත් ඔහු සඳහන් කළේ රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.
“අපට රුපියල් ආදායම නෑ. දැන් අපට තවත් රුපියල් ට්‍රිලියනයක් මුද්‍රණය කිරීමට සිදුවෙනවා ” යැයි වික්‍රමසිංහ මහතා පැවසුවේ, ඉදිරි මාසවලදී වාර්ෂික උද්ධමනය 40% ඉක්මවා යා හැකි බවට අනතුරු අඟවමිනි.
සඳුදා නිකුත් කරන ලද රජයේ දත්ත වලට අනුව උද්ධමනය මාර්තු මාසයේ 21.5% ට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී වාර්ෂිකව 33.8% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය.
සහන ක්‍රියාමාර්ගවලට පිවිසීම වෙනුවෙන් රටේ රාජ්‍ය අංශය හරහා වියදම් කප්පාදුව පිළිබඳ සමාලෝචනයක් තම පරිපාලනය විසින් සිදු කරන බව අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
“උදාහරණයක් ලෙස, සෞඛ්‍ය අමාත්‍යාංශය, අපට එහි වියදම් කපා හැරිය නොහැක. අධ්‍යාපන අමාත්‍යාංශයේත් වියදම් කප්පාදු කළ හැක්කේ සීමිතවයි. නමුත් වියදම් කපා දැමිය හැකි තවත් බොහෝ අමාත්‍යාංශ තියෙනවා. ”ඔහු පැවසීය.
රසායනික පොහොර ආනයනය නතර කිරීමට ගත් විනාශකාරී තීරණය හේතුවෙන් අගෝස්තු මාසයේ සිට ආහාර හිඟයක් ඇතිවිය හැකි බව වෙනවා. අපට තවත් සහල් අවශ්‍ය වනු ඇත.” ඔහු පැවැසීය.