බෙන්තොට වෙරළ තිරයට ගෙඩා ගසා තිබූ සැකකටයුතු පාර්සලයක් බෙන්තොට පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂා කිරිමේදි ඒහි තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 19.850ක් සොයා ගත් බව පොලීසිය කියයි.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම ආසන්න වසයෙන් රුපියල් කෝටි 40කට ආසන්න වෙයි. මෙම මත්ද්‍රව්‍ය තොගය කවුරුන් විසින් රැගෙන ආවේද යන්න ඳපිළිබව තොරතුරු අණාවරණය නොවන බව පොලීසිය කියයි.
මේ අතර බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට ලස තොරතුරක් අනුව බේරුවල මූහුදු වෙරළේ තිබූ සැකකටයුතු
පාර්සල් කිහිපයක් පරීක්ෂා කිරිමේදී ඒහි තිබි රුපියල් කෝටි 88කට ආසන්න අයිස් කිලෝ ග්‍රෑම් 43.968ක් සොයාගෙන තිබේ.