රුපියල් මිලියන දහසක වියදමින් මාතලේ - රිවස්ටන් මාර්ගය සංවර්ධනය කිරීමට පියවර ගනියි.
මාතලේ නගරයේ සිට රත්තොට හරහා වැටි ඇති මාර්ගය රිවස්ටන් මාර්ගයේ කිලෝමීටර් දාසයක් වැඩසටහන යටතේ සංවර්ධනය කෙරෙයි.
පසුගිය දා ඉදිවෙමින් පවතින මාර්ගය නිරික්ෂණයකට එක්වු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහන දිසානායක (ශ්‍රි ලං පො ජ පෙ) කියා සිටියේ සෞභාග්‍ය යේ දැක්ම වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වෙන බවයි.
සංචාරක කලාපයක් වන රිවස්ටන් මාර්ගයේ ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරිමේ අරමුණින් ක්‍රියාත්මක මාර්ග සංවර්ධන කටයුතු වලින් පසු සංචාරක කලාපයට ඇතුළු වන දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රවාහන පහසුකම් වඩාත් පහසු වන බවත් මේ හරහා ඉතා ආරක්ෂාකාරි ගමනාන්තයක් සදහා මග පෑදෙන බව ද රෝහන දිසානායක මහතා මෙහිදි කියා සිටියේය.
රජයේ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් පංවර්ධනය වීමට නියමිත බව ද හෙතෙම වැඩිදුටත් කියා සිටියේය.
