2025.05.20 වන දින සවස් කාලයේ වෙලම්බොඩ පොලිස් වසමේ කෝවිල්කන්ද ප්රදේශයේ නිවසක සිටි දැරියකට විදුලි සැර වැදී මියගොස් ඇති බවට ලද තොරතුරක් මත වෙලම්බොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මියගිය දැරිය වයස අවුරුදු 11 ක් වූ කෝවිල්කන්ද, වට්ටප්පොල ප්රදේශයේ පදිංචිකාරියකි.
මෙලෙස මියගිය දැරිය 2025.05.20 වන දින එම නිවසේ ස්ලැබ් එක මතට ඉනිමගක් ආධාරයෙන් නැඟ ඇති බවත් මෙම ස්ලැබ් එක මතට රිලවුන් පැමිණෙන නිසා වෙන් විදුලි කම්බි ඇද තීබී ඇති අතර එහිදි දැරියට විදුලි සැර වැදි දැරිය මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙලම්බොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.