රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කීරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා වන සත්ත්ව ආරක්ෂණ සංවිධාන ගොනු කොට ඇති පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (12) තීරණය කළේය.
පරීක්ෂණ කටයුතු සඳහා බව කියමින් මෙරටින් රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කීරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා වන සත්ත්ව ආරක්ෂණ සංවිධාන ඇතු`ථ තිස්දෙනෙකු ගොනු කොට ඇති පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී මෙරට රිලවුන් විදේශවලට අපනයනය කිරීමේ සූදානමක් නැති බවට නීතිපතිවරයා අධිකරණයට දුන් ප්‍රතිඥාවකට අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සැදම්ලත් විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
ලංකා වනජීවී ආරක්ෂණ සංගමය, පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධන, මාතර ආනන්ද හිමි ඇතුළු පුද්ගලයින් තිස්දෙනෙකු ගොනු කොට ඇති මෙම පෙත්සමෙම් වගඋත්තරකරුවන් වශයෙන් ආග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කොට ඇත.
පරීක්ෂණ කටයුතු සඳහා බව කියමින් මෙරටින් රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කීරීමට සුදානම් වන බව ජනමාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණු බව සඳහන් කරන පෙත්සම්කරුවෝ චීනයේ පෞද්ගලික සමාගමක් විසින් මෙම රිලවුන් චීනයට ගෙන්වීමට කටයුතු යොදා ඇති බවත් එම රිලවුන් පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීමට පියවර ගන්නා බවට තොරතුරු ලැබී ඇතැයිද සඳහන් කරති.
මෙම ක්‍රියාව සත්ත්ව හිංසා පනතට සහ වන සහ වෘක්ෂලතා පනතට පටහැනි මෙන්ම නීතීවීරෝධී ක්‍රියාවක් බවද එබැවින් එම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් දෙමින් සඳහන් මෙරට රිලවුන් විදේශ රටවලට අපනයනය කිරීමේ සූදානමක් නැතැයි කීය.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් රජය ලබාදුන් එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් කීය.
එම ප්‍රතිඥාව සටහන් කර ගත් අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටියේය.