මොනරාගල-පොතුවිල් මාර්ගයේ සිරිගල කාර්මික විද්‍යාලය ඉදිරිපිටදී අද (01දා) අළුයම සිදුවූ රිය අනතුරකින් ලොරි සහායකවරයෙකු මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හිරුෂ බඩල්ගම (24) නැමති අයෙකි.
මාතර ප්‍රදේශයේ සිට තීන්ත සහ ගොඩනැඟිලි ද්‍රව්‍ය අම්පාරට ප්‍රවාහනය කරමින් තිබියදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයකට ඉඩදීමට යාමේදී පාරෙන් ඉවතටගොස් අධිබලැති විදුලි රැහැන් සහිත විදුලි කණුවක ගැටී ලොරි රථය පෙරළී ඇත.
ලොරිරථයේ රියදුරු සහ සහායක ඊට යටවී ඇති අතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා රියදුරු සහ සහායක එළියටගෙන ඇත.තුවාලකරුවන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර ඇති අතර ඒවන විටත් ලොරිරථයේ සහායක මියගොස් ඇති බව පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.රියදුරුගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස් චාමින්ද සංජීව මහතාගේ උපදෙස් පිට පොලිස් රථ වාහන අංශයේ උ.පො.ප එච්.එම් සෙනවිරත්න මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක
