රිය අනතුරු 8කින් 8ක් මරුට
ඊයේ (23දා) සිදුවූ මාරක රිය අනතුරු 8කින් පුද්ගලයන් 08ක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
කටාන - කටානේදී ත්රි) රෝද රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 11ක ළමයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිරිපුර - ත්රිත රෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 51ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
දෙහිඕවිට - යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ අවුරුදු 18ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නාරම්මල - යතුරු පැදියක පදික පුද්ගලයෙකු ගැටීමෙන් අවුරුදු 69ක් වූ පදිකයා මියගොස් තිබේ.
හබරාදූව - යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 21ක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
බිංගිරිය - යතුරු පැදියක් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 37ක් වූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
දෙහිඅත්තකණ්ඩිය - යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් කළ අවුරුදු 34ක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තඹලගමුව - යතුරු පැදි දෙකක් හා තවත් යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 30ක කානත්වක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

