රිය අනතුරකින් යම් කිසි පුද්ගලයෙකු මියගියහොත් මහජන බදු මුදලින් රුපියල් මිලියනයකට ආසන්න මුදුලක් වැයවන බව අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
රිය අනතුරු යනු ත්‍රස්තවාදය හා සමාන දෙයක් බවත් පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ තස්තවාදීන් මෙරට දිනකට අත් අටදෙනක් හෝ ඝාතනය කල බවත් තවත් හතලිස් පහක් හෝ පනහකට ආසන්න සංඛ්‍යාවකට තුවාල සිදු කල බවත් ඒ අද වන විට රිය අනතුරු මගින් දිනකට 7-10 අතර සංඛ්‍යාවක් මිය යනවා සේම 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබන බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එමෙන්ම පසුගිය වසරේ රිය අනතුරු සලකා බැලූ විට රිය අනතුරු 22000 වාර්තා වී ඇතැයිද, එයින් 2470 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිහින් ඇතැයිද තවත් 14,000කට ආසන්න සංඛයාවක් තුවාල ලබා ඇතැයිද ඔහු සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියොජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා,
"මේ රිය අනතුරු වලට හේතු වෙලා තියෙන ප්‍රධානතම කාරණය වන්නේ අවිනීත රියදුරන් ගේ තත්ත්වය අපරීක්ෂාකාරීව නොසැළකිල්ලෙන් රිය පදවන තත්ත්වය, අධික වේගයෙන් රිය පැදවීම බීමත්ව රිය පැදවීම, දුරකථනය හරහා කතා කරමින් රිය පැදවීම ඒ වගේම වාහන වල දෝෂ තිබියදී එම දෝෂ පිළිබඳ නොසලකා රිය පැදවීම.
මේ තත්වය නිසාම මහා මාර්ගයේ කුඩා වාහනවල තමන් ගන්නා අය විශේෂයෙන් යතුරුපැදි පදවන සහ පසු පැදිකරුවන්, ත්‍රිරෝද රථවල ගමන් කරන අය, ඒ වගේම මාර්ගයේ පයින් ගමන් කරන අය රිය අනතුරුවල වින්දිතයන් බවට පත්වෙලා තියෙනවා.
රථවාහන පොලිසිය හැටියට අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස කිහිපය තුළ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න.
ඒ වගේම එක් පැත්තකින් මත්පැන් වගේම මත්ද්‍රව්‍ය භාවිතා කර ගමන් කරන අය සම්බන්ධයෙන් අලුත් නීති හඳුන්වලා දෙන්න. ඊට අදාළ රෙගුලාසි අනුව අලුත් උපකරණයක් හඳුන්වා දෙන්න. විශේෂයෙන්ම මේ වන විට මත්ද්‍රව්‍ය මත්පැන් පානය කර වාහනයක් පදවනවා නම් එවැනි අය පරික්ෂා කිරීමට බැලූනය හෙවත් බ්‍රොතලයිසර් උපකරණය තිබෙනවා.
එවැනි මත් පැන් සහ මත්ද්‍රව්‍ය පානය කර ගමන් කරන පුද්ගලයින් හඳුනා ගැනීමට ඉදිරියේදී අනෙකුත් රටවල භාවිතා කරන නවීන තාක්ෂණය එමෙන්ම උපකරණ එකතු කිරීමට කටයුතු කරමින් සිටිනවා.
ඒවා අපගේ නීතියට අනුගත කිරීමට රථවාහන පොලිසිය අනෙකුත් පාර්ශ්ව පාර්ශවකරුවන් සමග කටයුතු කරමින් සිටිනවා.
සමහර අය මත්පැන් පානය කර වාහන පදවනවා වගේම මේ වන විට මත්ද්‍රව්‍ය පාවිච්චි වාහන පැදවිය වීමේ ප්‍රවණතාවයක් තියෙනවා
සාමාන්‍යයෙන් අපට තියෙන දත්ත අනුව දිනකට 1200 ක් 1300 පමණ දෙනා මෝටර් වාහන සඳහා රියදුරු බලපත්‍ර ලබා ගැනීමට මෙන්ම අලුත් කිරීමට ඒ සඳහා අදාළ වෛද්‍ය ආයතන වෙත පැමිණෙනවා. සාපේක්ෂව බලන කල කළ සියයට 8ත් 10ත් අතර ප්‍රමාණයක් සමහර විට මත්පැන් වලට ඇබ්බැහි වූවන් බවට ඒ පරීක්ෂණ වලින් පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.ඒක හරි භයානක තත්ත්වයක්.
දැනට දින කීපයකට පෙර කිහිපයකට පෙර මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසියත් මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර වහන පදවන පුද්ගලයන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.
උදේට වාහනය පැදවීමට නිවසින් එලියට ගන්නවට ඔබ හැම විටම සිතන්න ඔබ රියැදුරු කියලා. එහි පැති කණ්ණාඩි තියෙනවද , ඒ වගේම suwich බෝඩ් එකේ සංඥා ලාම්පු පත්තු වුණත් පිටුපස ලාම්පු පත්තු නොවිය හැකියි ඇත්තටම සංඥා ලාම්පු පත්තු වෙනවද, බ්‍රෙක් ලයිට් තියනවද,ටවර් ගෙවිලා ද යන කරුණු ගැන දැඩි සැලකිලිමත් වෙන්න ඕනේ. තමන් මොන තනතුරුක් දැරුවත් රියැදුරෙක් බව සිතට ගෙන රිය පදවන්න.
ඒ වගේම ඔබ කිසිම අවස්ථාවක වේගයෙන් රිය පදවන්න එපා. සමහර වෙලාට ඔබට යම් දෙයක් අහිමි වෙන්න පුළුවන් වේගය අඩු වෙච්ච නිසා . ඒත් ඔබගේ ජීවිතයේ මෙන්ම අන් අයගේ ජීවිතත් බේරෙනවා."