තරුණයන් පස් දෙනකු ගමන්ගත් සුඛෝපභෝගී වෑන් රථයක් කලවාන ප්‍රොජට් පාර ගෙවල් 10 ප්‍රදේශයේදී හෙළකට පෙරළීමෙන් තරුණයෙක් මියගොස් අනෙක් තරුණයන් සිව් දෙනා සුළු තුවාල ලැබූ කලවාන පොලිසිය කියයි.
එම අවස්ථාවේදී රියදුරු ලෙස කටයුතු කළ කළ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත' අනතුරින් මියගොස් ඇත්තේ කලවාන තපස්සර කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පිටි පීඨයේ ඉගෙනුම ලබමින් සිටි අංජන සංදේශ් ලංකාර 22 තරුණයායි'
තරුණයන් පස්දෙනා රැගත් වෑන් රථ එම මාර්ගයේ ගමන් කරමින් සිටියදී අඩි විස්සක් පමණ ප්‍රපාතයට උඩුකුරුව පෙරළීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි. කලවාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
