වැල්ලවාය මහආරගම සිරිපුර ප්‍රදේශයේදී (03) වෙනිදා උදෑසන සිදුවූ රිය අනතුරකින් දහම් පාසල් ශිෂ්‍යාවක් මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මහආරගම සිරිපුර පදිංචි බුදුරුවගල විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආර්.එම් සදිලි නිපුනිකා (14) නැමති ශිෂ්‍යාවකි.
ඇය වෙහෙරයාය ගංගාරාම විහාරස්ථානයේ දහම් පාසලට සිය පියා සමඟ යතුරුපැදියකින් යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි වැල්ලවාය ලංගම ඩිපෝවට අයත් බස් රථයක ගැටී ඇත.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා දහම් පාසල් ශිෂ්‍යාව හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ශිෂ්‍යාව මියගොස් තිබේ.බස් රථයේ රියදුරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇයගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.කුඩාඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක