මහනුවර දිස්ත්‍රික්කය තුළරිය අනතුරක් සිදුවූ සැණින් එම ස්ථානයට ළඟා විය හැකි වෛද්‍ය දැනුම සහ හෙද දැනුම ඇති ක්ෂණික විහිඳුම් බලකායක් නිර්මාණය කිරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී යෝජනා විය.
දිස්ත්‍රික්කය තුළ කඳු හෙල් වලට පෙරළීමෙන් සිදුවන රිය අනතුරු සහ අනෙකුත් රිය අනතුරු වලදී වෛද්‍ය වෘත්තීය සහ හෙද වෘත්තිය පිළිබඳ දැනුමක් නොමැති පුද්ගලයන්එහි තුවාලකරුවන් ඉස්සීමේදි හා ප්‍රවාහනය කිරීමේදී නිසි දැනුමක් නොමැති වීම හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව සහ අසාධ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එවැනි විහිදුම් බලකායක් නිර්මාණය කිරීම වැදගත් බව ප්රවාහනසහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා යෝජනා කළේය.
එවැනි අනතුරකදී පුද්ගලයන්ගේකොඳු ඇට පෙළට හානි සිදුවූ අවස්ථාවලදී ඉස්සීමේදී සහ ප්‍රවාහනයේදී නිසි ප්‍රමිතියට සිදු නොවීම හේතුවෙන් තුවාලකරුවන් මියයාම හෝ අසාධ්‍ය තත්ත්වයට පත්වීම බහුල වී ඇති බව ඇමතිවරයා පැවසීය.
මෙම ක්ෂණික විහිඳුම් බලකාය යුද හමුදාවේ වෛද්‍ය ඒකකයෙන් හෝ රෝහල් මාර්ගයෙන් ස්ථාපිත කළ යුතු බවට ද එහිදී යෝජනා විය.