මේ වනවිට වන විට ලක්ෂ 3කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යාංශ නිලධාරීහු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසුහ.
එමෙන්ම ආරක්ෂිත විශේෂාංග වැඩිකොට සකස් කළ නව රියදුරු බලපත්‍රය ද මේ වසරේදී මුද්‍රණය කර නිකුත් කරන බව එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ. එමෙන්ම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් මිලියනයක් ලබාගැනීමටද සියලු කටයුතු සම්පාදනය කර අවසන් බව අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.
මේ පිළිබඳ අදහස් පළවුයේ වූයේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ගරු අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා නිකුත් කිරීමට පවතින රියදුරු බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීම සඳහා ඒවා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සෑම පළාතකම ස්ථාපිත කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
වාහන අංක තහඩු නිකුත් කිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසීමක් කළේය. ඒ අනුව මේ වනවිට ඒ සඳහා සැපයුම්කරුවෙක් තෝරාගැනීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින අතර අමාත්‍ය මණ්ඩල අනුමතියෙන් පසුව එම ක්‍රියාවලිය අවසන් කර අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකිබව නිලධාරීහු කාරක සභාවට පැවසූහ.
තවද මෙහිදී දැනට ක්‍රියාත්මක මගී ප්‍රවාහනය සම්බන්ධ ඒකාබද්ධ කාලසටහන පිළිබඳවද සාකච්ජා චිය. එහිදී ඒකාබද්ධ කාලසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් බැවින් එහි පවතින අඩුපාඩු හඳුනාගෙන වඩාත් කාර්යක්ෂම සේවයක් මගීන්ට ලබාදීමට ඉදිරියේදී තවත් ප්‍රදේශවලට මෙය හඳුන්වාදීමට සුදානම් බව කාරක සභා සභාපතිවරයා පැවසුවේය
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා දුම්රිය මාර්ගවලදී අලි ඇතුන්ට සිදුවන අනතුරු අවමකර ගැනීමේ නියමු වැඩසටහනක් පිළිබඳව කරුණු ඉදිරිපත් කළේය .ඒ අනුව රුපියල් මිලියන 2.8 ක මුදලක් වැය කරමින් මඩකලපුව මාර්ගයේ ධාවනය වන දුම්රිය සඳහා දුර පෙනෙන තාක්ෂණය සහිත කැමරා සවි කිරීමට කටයුතු කරන බව පැවසුවේය. ඒ ඔස්සේ වන අලි දුම්රියේ ගැටීම් අවම කරගැනීමට පවතින අවස්ථාව පිළිබඳව නිරීක්ෂණය කරන බව කාරක සභා සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ප්‍රදේශවල පවතින ගැටලු හා ඒවාට අවශ්‍ය විසදුම් පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
