වලංගු රියදුරු බලපත්රයක් නොමැතිව දක්ෂිණ අධිවේගි මාර්ගයේ පැයට කිලෝ මිටර් 149 ක වේගයෙන් මෝටර් රථයක් ධාවනය කල පුද්ගලයෙකුට මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් 55 000 ක දඩ මුදලක් ගෙවන ලෙස මතුගම මහේස්ත්රාත් ඒ.අයි. හෙට්ටියාවත්ත මහත්මිය අද (03දා) නියම කලාය.
මාතර සිට කොළඹ දෙසට අධික වේගයෙන් ගමන් කල මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් අධිවේගි මාර්ගයේ දොඩංගොඩ පොලිස් මුරපොළ නිලධාරින් අත් අඩංගුවට ගෙන මතුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ දඩ නියම විය.
වලංගු රියදුරු බලපත්රයක් නැතිව රිය ධාවනය කිරිම වෙනුවෙන් රුපියල් 30,000ක දඩයක් හා අධිවේගි මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනය කිරිම සම්බන්ධයෙන් රුපියල් 25000 ක දඩයක් නියම විය.
මෙසේ දඩ නියම වුයේ තලවතුගොඩ, මාදිවෙල පදිංචි රෝෂිත ලසන්තද සිල්වා නැමැත්තාටය.
අලුත්ගම සරත් සිරිවර්ධන