රියදුරු බලපත්රයක් නොමැතිව මගීන් සහිතව මගී ප්රවාහන බස් රථයක් ධාවනය කල සැකකරුවෙකු (07) දින පස්වරුවේ හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් මූලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී.සුගතදාස මහතා පැවසීය.
හැටන් දික්ඔය සලංකන්ද ප්රදේශයේ සිට සැකකරු දිනපතා බස් රථය ධාවනය කර අතර මගදී බස් රථය රියදුරුට භාර දෙන බවට ලද තොරතුරක් මත මෙහෙයුමක් දියත් කර සැකකරු සහ බස් රථය අත්අඩංගුවට ගත් බවයි මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
රියඅනතුරු බහුල වශයෙන් සිදුවන එම බස් රථය ගමන් ගන්නා මාර්ගය අධික කදු බැවුම් සහ වංගු සහිත මාර්ගයක් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුට සහ රියදුරු බලපත්රයක් නොමැති පුද්ගලයෙකුට බස් රථයක් ධාවනය කිරිමට ඉඩ ලබා දීම යන චෝදනා යටතේ බස් රථයේ අයිතිකරුට එරෙහිව හැටන් මහේස්ත්රාත් අධිකරනය හමුවේ නෛතික පියවර ගන්නා බවයි මූලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේ.