ඉන්දියාවේ නාගලන් ප්‍රාන්තයේ පැවති , දකුණු ආසියානු රට හරහා දිවීමේ තරඟාවලියේදී රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට අත්කර දුන් වැලිවේරිය පදිංචි ජාලිය සංජීව ක්‍රීඩකයා පිළිගැනීමේ උත්සවයක් අද (29දා) වැලිවේරිය නගරයේදී සවස පැවැත්විණි.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන මෙම ක්‍රීඩකයා බැලුම්මහරදී පිළිගෙන රථ පෙළපාලියකින් වැලිවේරිය නගරය දක්වා කැඳවාගෙන ගියහ.
ජාලිය සංජීවගේ පුහුණුකරු මධුර පෙරේරා මහතා සහ සංජීවගේ මව සහ පියාද මෙම අවස්ථාවට එක්ව සිටි අතර පිළිගැනීමේ උත්සවය, වැලිවේරිය වෙළඳ සංගමය සහ වැලිවේරිය පල්ලියවත්ත තරුණ කැල විසින් සංවිධානය කොට තිබිණි.
ගම්පහ තිලකරත්න දිසානායක

