අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරමින් විදේශකයින් ආකර්ෂණය වන ආකාරයේ මෙවැනි ස්ථාන පවත්වාගෙන යාමෙන් රජයට අදායමක් එනවා සේම ඒවා ජනතාව අතරද බෙදී යන බවත් ඒ සදහා විරෝධ්තපත්වමින් කඩාකප්පල් කාරී ක්‍රියා කරමින් පලක් නොවන බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසිය.
අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ දෙවෙනි කොටසට අයත් කුඩා සත්ව කලාපය, සත්ව සංරක්ෂණ සහ අනතුරුවලට ලක් වන පක්ෂීන් ගළවා ගැනීමේ මධ්‍යස්ථානය අද (04දා) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
2015 වර්ෂයේ මාර්තු මස 28 වන දින ප්‍රධාන කලාප තුනක් යටතේ විවෘත කෙරුණු රිදියගම සෆාරි උද්‍යානය සඳහා අක්කර 500 ක පමණ බිම් පෙදෙසක් වෙන් කොට ඇති අතර විවිධ සතුන් වර්ග සඳහා කලාප 13 ක් පිහිටුවා තිබේ. දැනට ඉන් අක්කර 200 ක පමණ ප්‍රමාණයක් සංවර්ධනය කොට ඒ තුල පරිපාලන ගොඩනැගිලි, සත්ව රෝහල, නරඹන්නන්ට පහසුකම් සලසන ස්ථාන, අලෙවිහල් වාහන නැවතුම් ස්ථාන ආදිය හා සත්ව කලාප කිහිපයක වැඩ නිමකර තිබෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසා සිටි.
මේ සත්ව කලාප අතර අක්කර 35 ක පමණ භූමි ප්‍රදේශයක පවතින අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80 ක පමණ පැතිරී ඇති ශාඛ භක්ෂක සතුන් කලාපය හා අක්කර අක්කර 54 කින් යුතු ආසියානු අලින්ගේ කලාපය හා බෙංගාලි ව්‍යාග්‍රයන්ගේ කළාපයයි. විශේෂයෙන්ම 04 වනදා විවෘත කෙරුණු කලාපයතුල තවත් කලාප තුනක් ඇතුලත්වී තිබේ ඒ අතර කුඩා ශාක භක්ෂක සතුන් ( ගෝනමුවා, ඕළුමුවා, මීමින්නා, වැනි මුව වර්ග) සඳහා වන කළාපයක් හා සුරතල් සතුන් සමග විනෝදවීමට ළමුන් සඳහා ඉදි කළ කළාපයක් ද ඇතුලත්කර තිබේ.
විශේෂයෙන්ම මෙම නව කලාපය විවෘත කිරීම මගින් ශ්‍රී ලංකාවේ වදවිගෙන යන සතුන් සංරක්ෂණය කිරීම හා අභිජනනය කිරීම සිදු කෙරෙන බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ. මෙම නව කලාප අතුරින් සත්ව අභිජනන සංරක්ෂණ මධ්‍යස්ථානය හැර අනෙකුත් සියලු කලාප ජනතාව ට විවෘත කර තිබේ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර ‘’අපේ රටේ වඳවෙලා යන සතුන් විශාල ප්‍රමාණයක් මේ ස්ථාන වල සංරක්ෂණය වෙනවා විශේෂයෙන්ම මෙම සතුන් වඳවෙලා යන වේගය අනුව මෙම සතුන් මෙම සත්වෝද්‍යාන තුල පමණක් ඉදිරියේදී ඉතිරිවන්නට පුළුවන් , ඒ වගේම මෙම සතුන් අභිජනනය කරලා සතුන් බෝකරලා මෙම සතුන් අපේ වනාන්තර තුලට මුදාහැරීමටත් දැන් අවදානය පවතිනවා.’’
‘’එමෙන්ම අපේ රටේ තිබෙන ආර්ථික තත්වයත් ජීවන තත්වයත් ගැන අපි හොදින් දන්නා කාරණයක් එවන් තත්වයක් තුළ විදේශ සංචරකයින් ආකර්ෂණය කරගැනීමට හැකිවන සේ මේ තුල සංචාරක ව්‍යාපාරය දියුණු කර පවතින ඩොලර් හිගය අනූ කරගනිමින් අපේ රටේ පවතින ගැටළු අවම කර ගැනීමට මෙය විවහල් වෙනවා’’
මෙම අවස්ථාවට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය හා වනජීවි අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් මෙන්ම පරිසරවේදීන්, මහාචාර්ය වරුන් ප්‍රමුක පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.


