රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් 900ක් අතුරින් සතුන් 485 දෙනෙකුගේ ස්ත්‍රීපුරුෂ බව හෝ හඳුනාගෙන නොමැති බව පාර්ලිමේන්තුවේදී අණාවරණය විය.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබද විමර්ශනය සදහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) 2023.07.05 දින රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම සතුන් අතුරින් 300 කට අධික පිරිසක් ඉන්දියාවෙන් ගෙනා තාරකා ඉබ්බන් බවත් නඩු කටයුත්තක් අවසන් වන තුරු සත්වෝද්‍යානය භාරයේ සිටින බවත් මෙහිදී අනාවරණය විය.
එසේම මෙම සෆාරි උද්‍යානයේ එක් පශු වෛද්‍යවරයෙක් පමණක් සිටින බැවින් කඩිනමින් පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස කමිටු සභාපතිවරයා උපදෙස් දුන්නේය.
එසේම ආයතනය සතුව නිසි උපායමාර්ගික සැලැස්මක් නොමැති බැවින් 2024 – 2030 වර්ෂ සදහා නව සැලැස්මක් පිළියෙල කර මෙම වසරේ දෙසැම්බර් 31 වන විට එහි කටයුතු අවසන් කරන ලෙස ද උපදෙස් දුන්නේය.