අම්බලන්තොට රිදියගම වැව් රක්ෂිතය මැනීමේදී ඇතිවී තිබෙන ගැටළුකාරී තත්වය මත එම ගැටලුකාරී තත්වය සම්බන්ධයෙන් විමසුමකට එළබෙන තෙක් රිදියගම වැවේ වැව් රක්ෂිත මැනීම තාවකාලිකව නතර කරන ලෙස නිලධාරීන්ට උපදේශ් ලබාදෙන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුනාරත්න පවසා සිටියේය.
මාත්‍ය වරයා මේ බව කියා සිටියේ අම්බලන්තොට රිදියගම වැව් රක්ෂිතය මැනීමේදී ඇතිවී තිබෙන ගැටළු කාරී තත්වය හමුවේ අවස්ථා කීපයකදී ජානතවගෙන් එල්ලවූ විරෝධතාවයන හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව සමඟ අද(01) දින අම්බලන්තොට ලියන්ගස්තොට ප්‍රදේශයේ පැවති සාකච්චාවකට එක්වෙමිනි.
ප්‍රදේශයේ ජනතාව ප්‍රකශ කර සිටින්නේ වැවු රක්ෂිත මැනීම සම්බන්ධයෙන් තම විරෝධතාවයක් නොමැති නමුත් වර්තමානයේ වැවු රක්ෂිත මැනීමේදී පරම්පරා ගණනාවක් ජීවත්වූ තම ඉඩකඩම් වැවු රක්ෂියට අයිතිවන බැවින් මිට පෙර අවස්ථා දෙකකදී රිදියගම වැවේ රක්ෂිත මැන රක්ෂිත ලකුණු කරන ලද මැනුම පමණක් උපයෝගී කරගෙන මෙම ගැටලුව විසදා දෙන ලෙසයි.
එමෙන්ම මෙම වැවු රක්ෂිත ලකුණු කර ඉඩම් පවර ගැනීමක් සිදුකළහොත් වැවු රිදියගම ,අහබඩ විල ,තුඩුව මුල්ල,කරඹගල මුල්ල ඇතුළු ප්‍රදේශය කීපයක පවුල් 300කට පමණ තම වාස භුමි ඉඩකඩම් අහිමිවීමේ අවධානමක් පවතින බවද ප්‍රදේශයේ ජනතාව කියා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි තත්වයක් හවුවේ ජනතාව තුළ සැකයක් ඇතිවීම සාධාරණ බවත් නමුත් කිසි විටෙක් ප්‍රදේශයේ වැව් රක්ෂිත තුල ජිවත්වන ජනතාවට අසාධාරණයක් වීමට ඉඩ නොදෙන බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය තුලදී නැවත සාකච්චාවකට ගෙන නැවත විමර්ශනයක් කර ඊට අදාලව නිලධාරීන් දැනුවත් කරන බවයි.
කෙසේ නමුත් වැවේ මින් ලකුණු කරනු ලැබුවත් කිසි විටෙක එහි සිටින ජනතාව ඉවත් කිරීමකට ලක්නොකරන බවද අමාත්‍ය වරයා මෙහිදී ජනතාවට කියා සිටියේය.
