රැවුල් කුමාරගේ පළමු බිරිඳත් අත්අඩංගුවට
දැනට මත්ද්‍රව්‍ය ජාවාරමට හා විවිධ අපරාධ රැසකට සම්බන්ධ යැයි සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින මුතුනායකගෙදර මහින්ද නොහොත් රැවුල් කුමාර නැමති පුද්ගලයාගේ පළමු විවාහක බිරිඳ පදිංචි ගාල්ලේ උඩවැලිවිටිතලාව නිවස වෙත ගිය නීතිවිරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාසයෙහි අධ්යක්ෂ පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් එම කාන්තාව අත් අඩංගුවට ගනු ලැබිණි.
එම කාන්තාවගේ පෞද්ගලික ගිණුම් දෙකකට මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයාගත්තායැයි සැකකෙරෙන රුපියල් දෙකෝටි තුන්ලක්ෂ අසූහත්දහස් අටසිය පනහයි සත අනූදෙකක මුදලක් තැන්පත්කර ඇතිබවටත් ඉන් රුපියල් කෝටි එකහමාරක මුදලක් වැයකොට නිවසක් ඉදිකර ඇති බවටත් අනාවරණයවී ඇතැයි පොලිසිය කියයි.
ඒඅනුව මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදලින් තැනුවේයැයි කියන එම නිවස විකිනීම අන්සතුකිරීම පැවරීම තහනම්කරමින් නියෝගයක්ද මෙහිදී නිකුත් කෙරිණි.
නාගොඩ ප්‍රාර්ථනා ලියනගේ

popular news
-
janahitha Sunday, 19 March 2023 04:22 AM
dolar 10 kotiyak vithara vatina hotal sankeerna idi kara thibenava videsha vala hambantota paththe ekek me mokakda me onna okayi thathve
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

