රැඳවුම් නියෝග ගත් සැකකරුවෙකුගෙන් අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි
- 28 12 2025
- 08:53
- {{hitsCtrl.values.hits}} views
- ..
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව මීටියාගොඩ පොලිස් ස්ථානය මඟින් 2025.12.24 වන දින අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රැඳවුම් නියෝග මත මීටියාගොඩ පොලිස් ස්ථානයේ රඳවා ගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
විමර්ශන නිලධාරීන් විසින් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, සැකකරු දැනට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකු සමඟ සබඳතා පවත්වන බවට සහ පහත අපරාධ සිද්ධින්වල වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති බවටද අනාවරණය වී ඇත.
• 2024.03.11 අම්බලන්ගොඩ පොලිස් වසමේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදු කිරීම
• 2025.05.03 වන දින මීටියාගොඩ පොලිස් වසමේදී ටී56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම.
• 2025.11.28 වන දින මීටියාගොඩ පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම.
2024.03.11 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී සිදු කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් වයස අවුරුදු 28 ක් වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙකු 2025.12.27 වන දින විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුරටත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී, රත්ගම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ අවියක් 2025.12.27 වන දින පොලිස් භාරයට ගෙන ඇත. මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

