මැගසින් බන්ධනාගාරය තුළදී රැඳවියන් දෙදෙනෙක් හා බන්ධනාගාර නියාමකවරයෙක් අතර ඇතිවූ අරාවුලක් හේතුවෙන් තිදෙනාම තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී රැඳවියෙක් මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය මගින් මූලික විමර්ශන ආරම්භ කර තිබේ.
මියගොස් ඇති රැඳවියා අවුරුදු 37ක් වන නවගම්පුර කොළඹ 14 පදිංචිකරුවෙකි. ඔහු මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ජේලර්වරයෙක් හා නියාමකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් බොරැල්ල පොලීසිය, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය, කොළඹ දකුණ අපරාධ විමර්ශන අංශය පරික්ෂණ සිදුකරයි.