පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් ගෝගෝඨාගෝගම අරගලේ ප්රධාන ක්රියාකාරිකයෙකු සහ යූටියුබ් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
සැකකරු කොම්පඤ්ඤවීදිය පොලීසියට ප්රකාශයක් ලබාදීමට කැඳවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට පත්විය. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පසුගිය 25 දා පැවැති විරෝධතාවක් අතරතුළදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට රැට්ටාට චෝදනා එල්ල වී තිබේ.