රජයේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බදවා ගනු ලැබු තරුණයින් සදහා වනජිවි දෙපාර්තමේන්තුව විසින් විශේෂ පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබේ.මාතලේ දිස්ත්‍රික්කයේ අලි වැටේ රාජකාරි සදහා අනුයක්ත කිරිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නන්වා ඇතැයි වනජිවි දෙපාර්තමේන්තුව කියයි.
මාතලේ දිස්ත්‍රික්කයේ වන අලි ගැටලුවට විසදුම් පිණිස ඉදිකර ඇති අලි වැටේ නඩත්තු කටයුතු වෙනුවෙන් මෙම පිරිස යෙදවීමට නියමිත බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු වනජිවි දෙපාර්තමේන්තුව මාතලේ - රජ්ගම්මන අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක පි.එම්.බි.විජේකෝන් මහතා කියා කියා සිටියේය.
වැඩසටහට සමගාමීව විශේෂ දෛනික පුහුණු වැඩසටහනක් නාඋල ප්‍රදේශිය සභා පරිශ්‍රයේ දී පැවැත්වෙන බැව් කියා සිටි ඒ මහතා පුහුණු වැඩසටහන සම්බන්ධයෙන් අවශ්‍ය යටිතල පහසුකම් නාඋල ප්‍රාදේශිය සභාව මගින් ලබාදෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
නාඋල - ඉන්දික අරුණ කුමාර
