ඇල්ල කිතල් ඇල්ල ප්රදේශයට සංචාරය සඳහා පැමිණ සිටි නෙදර්ලන්ත ජාතික තරුණියක් අද 24 දහවල් රාවණා ඇල්ල දිය ඇල්ලේ ඉහළ කොටස නැරඹීමට යාමේදී ඉන් ඇද වැටි ජීවිතක්ෂයට පත්වී ඇති බව ඇල්ල සංචාරක පොලීසිය පැවසීය.
නෙදර්ලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකු රාවණා ඇල්ලේ ඉහළ කොටස නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී ඇති අතර එහිදී එක් තරුණියක් ඇද වැටී ඇති බව පොලිසිය සදහන් කරයි.
මෙම අනතුරින් බරපතල තුවාල ලබා සිටි 26 හැවිරිදි තරුණිය ජීවිතක්ෂයට පත් වී තිබේ. මේ වන විට සිරුර දෙමෝදර රෝහලේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.