මුස්ලිම් ප්රජාව හෙට (21) සෙනසුරාදා දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.
ඊයේ (19) නව සඳ නොදැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලොව කිනම් හෝ ස්ථානයක නව සඳ දැකීමෙන් පසු ඔවුන් විසින් ආරම්භ කල උපවාස මාසය අවසන් කිරීම සිදුකර සිය රාමසාන් උත්සවය සැමරීම සම්ප්රදාය වෙයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය