නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විමට තම පක්ෂය සුදානම් නොමැති බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා (දමිල ප්‍රගතිශිලි සන්ධානය) පැවසිය.
වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ (15) දින කදුරට ජනතා පෙරමුණේ හැටන් නගරයේ පිහිටි පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.
මෙම මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ තම පක්ෂයේ සහයෝගය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස හිතවතුන් කිහිපදෙනෙකු මගින් තමන්ට ආරාධනාවක් ලැබුණු බවත්, ඒ පිලිබදව තම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාර සභාව සමග දිර්ඝ වශයෙන් සාකච්ඡා කල බවත්, එම සාකච්ඡාවේදි දමිල ප්‍රගතිශිලි සන්ධානයේම රැදි සිටිමින් විපක්ෂ නායකවරයාටම සහයෝගය ලබාදෙන ලෙසට කල තිරණයක් අනුව තමන් තවදුරටත් විපක්ෂයේම රැදි සිටිමට තිරණය කල බවයි.