රාජාංගනය, අංගමුව වාන් දමයි, කළා ඔය අවදානම්
මහවැසි ඇදහැළෙන හෙයින් හා රාජාංගනය ජලාශයෙන් තප්පරයකට ජලය ඝණ අඩි 16,000ක් හා අංගමුව ජලාශයෙන් තත්පරයකට ජලය ඝන අඩි 2296 ක් 27 දින අලුයම වනවිට කලාඔයට මුදාහැරෙන නිසා කලාඔයේ ජලමට්ටම ඉහළ යා හැකි බැවින් කලාඔය දෙපස පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට රාජාංගනය ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලය ඉල්ලීමක් කරයි.
රාජාංගනය බලප්‍රදේශයේ වමිඉවුර බඹරේ, ජයන්තිපුර, යාය 01, 02, දකුණු ඉවුර යාය 04, 10 ඇල, යාය 9 ආදිය සහ අනෙකුත් සියලුම කලාඔයට ආසන්න ප්‍රදේශවල සපත්තු පාලම් ජලයෙන් යටවිය හැකි බැවින් කොටුවන පිරිස් ඇත්නම් අවධානයෙන් සිටින ලෙසත් අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් රාජාංගනය වාර්මාර්ග ඉංජිනේරු කාර්යාලය අදාළ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම රාජාංගනය බල ප්‍රදේශයට පහළින් ඇති පුත්තලම දිස්ත්‍රීක්කයේ අවදානම් කොටස් වල සිටින පිරිස් මේ පිළිබඳව නිරන්තරව අවධානයෙන් සිටින ලෙසද එම කාර්යාලය ඉල්ලා සිටියි.
මේ අතර පවතින වර්ෂාව හේතුවෙන 27 දින අලුයම 2.30 පමණ වන විට ඉගිණිමිටිය ජලාශයේ වාන්දොරටු හයෙන් තප්පරයකට ජලය ඝණ අඩි 6000ක් මී ඔයට මුදාහැරීමට පියවර ගත්බව එම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

