අද (27) දින පස්වරු 4 වන විට රාජාංගනය ජලාශයේ වාන්දොරටු 22ක් විවෘත කළ බව රාජාංගනය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.
අඩි 6 බැගින් දොරටු 12ක්, අඩි 5 බැගින් දොරටු 6ක්, අඩි 4 බැගින් දොරටු 4ක් එසේ විවෘත කළ බවත් එමගින් තප්පරයකට ඝණ අඩි 29356ක් කලාඔයට මුදා හැරෙන බවත් එම කාර්යාලය පැවසීය.
කෙසේ වෙතත් මේ වනවිට කලාවැවේ වාන් ජලය ඝණ අඩි හතලිස් දහසක් පමණ රාජාංගනය ජලාශයට ගලා එන බවත් ඊට අමතරව උස්ගල සියඹලන්ගමුව ප්රදේශයෙන්ද ජලය ලැබෙමින් පවතින බවත් ඒ අනුව එයද සසැකිල්ලට ගෙන වාන් දොරටු විවෘත කිරීම සිදුවන බවත් එම කාර්යාලය සඳහන් කළේය .
මේ අතර අංගමුව ජලාශයේ වාන්දොරටු 2 ක විවෘතකර ඇති බවත් එමගින් තප්පරයකට ඝණ අඩි 3625ක් මුදාහරෙන බවත් රාජාංගනය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය .
මෙම අති විශාල ජලධාරිතාවයන් කලාඔයට මුදා හැරෙන බැවින් කලඔය පහළ පහත්බිම් ප්රදේශවල සිටින ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය ඉල්ලීමක් කරයි.
ජයරත්න වික්රමාච්චි
