රාජ්‍ය සේවයේ සුදුස්සන් සුදුසු තැන්වලට පත් කර සියලු බලපෑම් නවත්වනවා - ගෝඨා
රාජ්‍ය සේවයට සුදුසුකම් සහිත නිලධාරින් ඒ ඒ තනතුරුවලට පත් කර රාජ්‍ය සේවය කාර්යක්ෂම කර සියලු ආකාරයේ බලපෑම් නතර කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ මැතවරණ කොට්ඨාසයේ පැවැති පොදුජන පෙරමුණේ ප්රචාරක රැළියක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය,
රාජ්‍ය සේවකයන් සිය කාර්යයන් කිරීම නිසා නීතිය හමුවට ඉදිරිපත් කිරීම සිදුව ඇති නිසා ඔවුන් අද රාජකාරි කිරීමට මැලිවී ඇති තත්වයක් පවතින බවත් රාජ්‍ය සේවයේ ක්‍රියාවලිය විධිමත් කළ යුතු බවත් පැවසීය. එමෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළු ඒ ඒ කාර්යභාරයන් විධිමත් විය යුතුයැයිද කී ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් මෙසේද පැවසීය.
රාජ්‍ය සේවය සඳහා නවීණ තාක්ෂණය ඇතුළු කරගැනීමේ වැඩපිළිවෙලක් මම සකස් කරනවා. විදේශීය රටවල් පවා භාවිතා කරන දියුණු තාක්ෂණය හා ක්රමෝපායන් ආදර්ශ ලෙස ගැනීමක් සිදු කළ යුතුයි.
දේශපාලනයේ මෙන්ම රාජ්‍ය සේවය තුළ දූෂණය සම්පූර්ණයෙන්ම නැති කරනවා. පසුගිය වකවානුවේදී දූෂණය සංස්කෘතියක් බවට පත් කර ඇති නිසා දූෂණය සම්පූර්ණයෙන්ම නැති කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටිය ගනු ලැබෙනවා.
ජනතාවගේ ප්‍රශ්න සිතිය හැකි ක්‍රියාශීලී විනයගරුක රජයක් අපට අවශ්‍යයි. වැඩ කළ හැකි දක්ෂයන් සුදුසු අයුරින් අපි පත් කළා. ජනතාවගේ ප්‍රශ්න හඳුනා ගෙන ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදෙන රජයක් අපි නිර්මාණය කරනවා.
ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගරයක් බවට කොළඹ පත් කරන්න අපට හැකියාව ලැබුණා. එහිදී රාජ්‍ය සේවකයන් අප සමඟ ඉතාමත්ම උද්යෝගයෙන් යුතුව වැඩ කළා. නමුත් පසුව ඔවුන් නීතිය හමුවට ගෙන යාම නිසා ඔවුන්ගේ මානසික තත්ත්වය බිඳ වැටුණා.
රාජ්‍ය නිලධාරීන් මේ නිසා රාජකාරි කිරීමට බිය වන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයිද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මහනුවර - මොහොමඩ් ආසික්

popular news
-
rocky Monday, 28 October 2019 12:21 PM
pawule ayamapath kara gaththaama kisima karadarayak naha!
Reply : 0 1
නන්දසිරි Monday, 28 October 2019 01:11 PM
ඔබතුමා ඔය කියන්නේ 2015.01.08 දිනට පෙර කලාවගේ කරනවා කියලද.නැත්නම් පවතින රජයට විරුද්ධව කටයුතුකල වර්ජන මෙහෙයවූ උසස් නිළධාරීන් අවශ්‍ය තැන්වලට පත්කරනවා කියලද පැහැදිලි කරදෙන්න
Reply : 0 1
Deepal Nirosh Monday, 28 October 2019 03:27 PM
ප්‍රතිපත්තිය හොඳයි, ඒ්ත් මේක රාජ්‍ය සේවයට විතරක් ක්‍රියාත්මක කිරීම මදි. පාර්ලිමේන්තුවට වගේම කැබිනට් මණ්ඩලයටත් ක්‍රියාත්මක විය යුතුයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

