රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් අවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවීම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ඉන්ධන ඇතුව අනෙකුත් ගැටලු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර ඒ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් මගින් තහවුරු කිරීමට නියමිතය.
මෙහිදී සේවයට කැඳවිය යුතු අත්‍යවශය නිලධාරීන් තීරණය කිරීම ආයතන ප්‍රධානියාට පැවරීම ඇතුළු උපදෙස් එම ගැසට් නිවේදනයේ ඇතුලත් කොට ඇතැයිද වාර්තා වේ