රාජ්‍ය සේවක වැටුපෙන් භාගයක් වැන්දඹු හා අනත්දරු අරමුදලට දෙන්නයි ඉල්ලීමක්
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මැයි මස සිය පූර්ණ වැටුප සහ දීමනා රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු සහ අනත් දරු අරමුදලට පවරයි.
තමා ස්වේච්ඡාවෙන්ම එසේ කරනුයේ ජාතියේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා දුෂ්කරතා රහිත අය වැයක් අවශ්‍ය නිසා බව ලේකම්වරයා ජනාධිපතිතුමාට දැනුම් දී තිබේ.
රජයේ මාසික වැටුප් බිල රුපියල් බිලියන 80ක්, එනම් කෝටි 8,000ක් බව ජයසුන්දර මහතා සඳහන් කරයි. රාජ්‍ය සංස්ථා, බැංකු සහ විශ්ව විද්‍යාල ඊට එකතු කළ විට රුපියල් බිලියන 90 සිට 100 දක්වා මුදලකට ආසන්න වෙයි.
COVID- 19 වසංගතය හමුවේ දිළිඳු සහ අවදානමට පත් ජනයාගේ සෞඛ්‍යය සහ සුරක්ෂිතතාව සහතික කිරීමට ජනාධිපතිතුමා දෙන දූරදර්ශී නායකත්වය අන් කවර ජාතියකට වඩා විශිෂ්ට එකකි. එබැවින් එතුමාගේ ප්රයත්නයට දායකවීම පිණිස තමා මේ තීරණය ගත් බව ජයසුන්දර මහතා පවසයි.
රජයේ සියලුම සේවකයන් සිය වැටුපෙන් භාගයක් හෝ තමන්ගේ යැපෙන්නන්ට ප්රතිලාභ ලැබෙන රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු සහ අනත් දරු අරමුදලට පවරන්නේ නම් මැයි මස රජයේ බදු නොවන ආදායම රුපියල් බිලියන 50කින් ඉහළ යනු ඇත. එසේම රජයේ වියදම රුපියල් බිලියන 50කින් අඩු වී මුදල් හිඟය මසකදී රුපියල් බිලයන 100කින් අඩු වනු ඇතැයි ජයසුන්දර මහතා සඳහන් කරයි.
popular news
-
සෙනෙවි Friday, 17 April 2020 10:47 PM
පිස්සුද ඕයි .?අපට දැනට් ලැබෙන වැටුපත් 3 වේල කන්න බැරුව ඉන්දෙදි මේකා බයිල ගහනවා .මොහුට වගේ අනියම් ආදායම් අපට කොයින්ද?
Reply : 0 0
rocky Saturday, 18 April 2020 06:30 AM
ඇයි, මහත්තයෝ, රටට සත පහකවත් වැඩක් නොකර සංවර්ධනය වෙන දේශපාලුවන්ගේ දීමනාවල්, උන්ගේ පැන්සොන් කපන්නේ නැත්තේ? නරකද ඒ විදිහේ ඉල්ලීමක් කොරලා බැලුවොත්?
Reply : 0 0
Deepal Nirosh Saturday, 18 April 2020 09:22 AM
ඔබතුමා ලබන වැටුපම අනෙකුත් රාජ්‍ය සේවකයිනුත් එපරිදිම ලබනව නම් මේ ඉල්ලීම ඉටු කරන්න පුළුවන්. අති බහුතරයක් රාජ්‍ය සේවකයො තම ගේ දොර ඉඩකඩම් අර්ධ වශයෙන් හෝ ඉදිකරගෙන තිබෙන්නෙ වර්ෂ ගණනකින් ගෙවී යන පරිදි ණය ලබාගෙන. ඉතින් 50% දෙන්න කියල ඉල්ලන්නෙ මොන හිතකින් ද මන්ද? කොළඹ වායු සමීකරණ කුටියට වෙලා ඉඳගෙන තීරණ ගන්නෙ නැතුව රටතොට පොඩ්ඩක් ඇවිදල බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

