රාජ්‍ය සේවක වැටුප් බිල ගෙවන්නත් ප්‍රමාණවත් ආදායමක් නෑ
රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප් බිල ගෙවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බවත්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන හේතුවෙන් මුදල් අච්චු ගැසීමටද නොහැකි බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
වාචික පිළිතුරැ අපේක්ෂාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරැ ලබා දීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ අවසන් කළ ව්‍යාපෘති සඳහා රැපියල් බිලියන 100ට අධික ප්‍රමාණයක බිල්පත් ගෙවීමට තිබෙන බව සඳහන් කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
"පවතින ආර්ථික අර්බුදයේ මාසිකව රජයේ වැටුප් බිල පවා ගෙවාගන්න ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නෑ. අපි මේ සභාවේ කතා කළ යුතු ප්රශ්නය තමයි රාජ්‍ය ආදායම ඒ තරම් ඇනහිටීම කරැණුකොටගෙන මේ වර්ශයේ අපිට විශාල ගෙවීම් ප්‍රමාණයක් තිබෙනවා ගෙවාගන්න බැරිව.
උදාහරණයක් වශයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කරලා නිම වුණු වැඩ වලට මගේ ලග බිලි තියෙනවා බිලියන 100ට අධික ප්‍රමාණයක්. ඒ අය පත්වෙලා තිබෙන දුෂ්කරතාවය අපිට හොඳට තේරෙනවා. මොකද ණය වෙලා, බැංකු පොලී අරන් තමයි ඒ කොන්ත්‍රාත් අරන් තියෙන්නේ. කලින් ක්‍රමයට අච්චු ගහලා දෙන්නත් බෑ.
මොකද අපි මේ ණය ප්‍රතිව්‍යූහගත කරන වැඩසටහනක් යනකොට අපිට මූල්‍ය වැරදුනා කිව්වොත් තවදුරටත් ඒ යෝජනා කරැණු වලට යන්න බැරි තත්ත්වයක් තියෙනවා. "යනුවෙන් සඳහන් කළේය.
popular news
-
LGPJ Wednesday, 21 September 2022 06:15 PM
Biyagama press is good enough for that purpose my dear.
Reply : 0 0
LGPJ Thursday, 22 September 2022 01:11 AM
You can get long term fullest cooperation from Biyagama press as soon. !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

