රාජ්‍ය සේවක වැටුප් ගෙවීමේ දිනවල වෙනසක්
රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් නියමිත දිනට ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට මහා භාණ්ඩාගාරය පත්ව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මෙයට හේතුව කෙටිකාලීන හේතුවක් නොවන බවත් පසුගිය කාලයේදී රාජ්‍ය සේවයට විශාල බඳවා ගැනීම් ප්‍රමාණයක් කර ඇති බවත් රාජ්‍ය සේවක වැටුප් විශාල අනුපාතයන්ගෙන් වැඩි කර ඇති බවත් ඔහු පැවැසීය.
එසේම රටට හා බදු ගෙවන ජනතාවට විශාල වශයෙන් දැරිය යුතු වියදම් දෙකක් ඇති බවත් එකක් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප බවත් අනෙක් වියදම ණය පොලී බවත් ඔහු සඳහන් කළේය.
මෙම වියදම් දෙක ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් 1977 වසරෙන් පසුව කිසිම රජයකට හැකියාවක් නොමැති බවත් හිඟය පියවාගෙන ඇත්තේ ණය ලබාගෙන බවත් ඔහු පැවැසීය.
එසේ නොහැකි වූ ප්‍රමාණයට මුදල් මුද්‍රණය කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ප්‍රතිපත්තියක් අනුව මේ වන විට මුදල් අච්චු ගසන්නේ අත්‍යාවශ්‍යම කරුණකට පමණක් බවත් මුදල් මුද්‍රණය නොකිරීමේ ප්රතිපත්තියකට රජය පැමිණ ඇති බවත් ඔහු පැවැසීය.
දෙසැම්බර් මාසයේදී රජයෙ ආදායම් හා වියදම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කිරීමක් කළේය.
"දෙසැම්බර් බදු හා බදු නොවන ආදායම රුපියල් බිලියන 141යි. එයින් බිලියන 88ක් වැටුප් ගෙවන්න වෙන් කරලා තියෙනවා. විශ්‍රාම වැටුප් හා සමෘද්ධිලාභීන්ට බිලියන 30යි. පොහොර ලබා ගන්න බිලියන 6.5යි. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ වෙනුවෙන් බිලියන 8.5යි. වෙනත් එදිනෙදා ගමන් වියදයම් පරිපාලන දාපුවාම සම්ස්ත වියදම බිලියන 154යි. බිලියන 141කින් 154ක් දරන්නේ කොහොමද?
රජයේ ආදායම කළමනාකරණය කර ගන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙනවා. පුනරාවර්තන වියදම් තුළ පොලී ගෙවන්න රුපියල් බිලයන 182ක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒක ගෙවලා තියෙන්නේ මුදල් අච්චු ගහලා. මේ තත්ත්වය කුමන පාර්ශ්වයක් කුමන දේශපාලන පක්ෂයක්, කුමන දෙයක් කළත් කොහොමද මේ ආදායම වැඩි කර ගන්නේ. මේ වියදම් කපා ගන්න බෑ. වැටුප් විශ්‍රාම වැටුප් පොහොර බෙහෙත්, ණය පොලී ගෙවන එක පැහැර හරින්න බැ.
මාණ්ඩලික නොවන නිලධාරීන්ට ප්‍රථමයෙන් වැටුප් ගෙවනවා. විශ්‍රාම වැටුප දිනක් දෙකක් ප්‍රමාද වෙන්න පුළුවන්. කෙටි පමාවක් වෙන්න පුළුවන් මේ දුෂ්කර අවස්ථාවේදී මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට වැටුප් ගෙවීම පමා වෙන්න පුළුවන්. දිනක් දෙකක් සතියක් වැනි පමාවක් වෙන්න පුළුවන්. හරියට නියමිත දිනට රාජ්‍ය සේවක වැටුප් ගෙවා ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. පළමු අවස්ථාවට තමයි මේ දේ වෙලා තියෙන්නේ. සල්ලි අච්චු ගහලා ගෙවන්න බැරි නිසා මේ දුෂ්කරතාව ඇති වෙනවා"

popular news
-
මගෝඩිස්තුමා Tuesday, 17 January 2023 06:53 AM
ලංකාවෙ තමයි බුදු දහම හොදින්ම තියෙන්නෙ කියලා තමයි කියන්නෙ ඒත් බුදුහාමුදුරුවෝ දේශනා කල ආකාරයට ආදායම් වියදම් කළමනාකරණය නොකර අපේ හිටපු නායකයො කලේ බුදුහාමුදුරුවෝ වැඩසිටි සමයේ සිටි නිගන්ඨනාථ පුත්තගේ ඉගැන්වීමට අනුව ණයට අරගෙන කෑම තමයි එනිසා මිනිසුනේ දැන්වත් බුදුහාමුදුරුවෝ දේශනාකල ආකාරයට ආදායම් වියදම් ගලපාගෙන රට පාලනය කරන්න ඉගෙන ගනිල්ලා
Reply : 0 0
Deepal Nirosh Tuesday, 17 January 2023 08:13 AM
රාජ්‍ය සේවක ප්‍රමාණය දැනටමත් වැඩි නම් මෙච්චර පාඩු ලබන දුම්රිය දෙපාර්තමේන්තුවට තව සේවකයො 3000ක් බඳව ගන්නවා කියන්නෙ තමුන්ගෙ පසුම්බියෙන් ඒ අයට පඩි ගෙවන්න ද? උදේට එක කතාවක්, සවසට වෙන කතාවක්.
Reply : 0 0
LGPJ Tuesday, 17 January 2023 01:22 PM
If you can stop the salaries and wages of government servants as per immediate effect. !!!
Reply : 0 0
Demuni Uduwara Saturday, 21 January 2023 06:27 PM
Mr. Minister, two Ministers were appointed last week; the rest too should be appointed next week. Then question will be solved.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
