රු 20000ක වැටුප් වැඩිවිමක් ඉල්ලා හෙට සිට වෘත්තීය ක්රියාමාර්ග ආරම්භ කරන බව රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ඒ අනුව හෙට දිනයේදී රාජ්ය හා පළාත් රාජ්ය සේවකයන් අසනීප නිවාඩු වාර්තා කරන බවද එම වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එසේම අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10000ක ජීවන වියදම් දීමනාව ජනවාරි සිට ගෙවීමට කටයුතු කිරීම, වැන්දඹු හා අනත්දරු අරමුදලට වැටුපෙන් සියයට 8ක් කපා හැරිමට කළ යෝජනාව අත්හිටුවීම යන ඉල්ලීම්ද ඔවුන් ඉදිරිපත් කර තිබේ.