රාජ්‍ය සේවකයන් තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත් කර ඇත. ඒ අනුව අද (24) සිට තවත් මාසයක කාලයක් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීම සිදුවේ.
කෙසේ වෙතත් ඉන්ධන බෙදාහැරීම යථා තත්ත්වයට පත්වෙමින් පවතින හෙයින් ඉදරියේදී පොදු ප්‍රවාහන සේවාවද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම මත නිවසේ සිට රාජකාරී කළ නොහැකි සේවකයන් සේවයට කැඳවීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය කැඳවීමට මෙම චක්‍ර ලේඛය බාධාවක් නොවන බවද අදාළ චක්‍ර ලේඛයේ වැඩිදුරටත් දැක්වෙයි.
