රාජ්‍ය සේවකයන්ට වැටුප් නොගෙවා ඉන්නේ නෑ
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයෙන් මෙම මස රාජ්‍ය සේවකයන්ගේ වැටුප නොලැබෙන්නේද යන්න පැහැදිලි කිරීමක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පැවසීය.
රාජ්‍ය සේවකයන්ගේ වැටුල් ගෙවීම සඳහා ආණ්ඩුවට ආදායම් නොමැති බවට අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ලංකා ආණ්ඩු කිසි දිනෙක රාජ්‍ය සේවකයන්ගේ වැටුප් නොගෙවීමක් සිදු නොකරන බවත්, එසේ සිදු කිරීමටද නොහැකි බවත් ඊට පිළිතුරැ ලබා දෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ - ඔබතුමා ප්‍රකාශ කළා රජයේ සේවකයන්ට පඩි ගෙවන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා, ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා කියලා. අපි අද ගෙවන්නේ මේ මාසයේ 22 වැනිදා. 25 වැනිදා වන විට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්න නියමිතයි. මේ පණිවිඩය දෙන්නේ රාජ්‍ය සේවකයන්ට මේ මාසයේ වැටුප දෙන්නේ නෑ කියලාද?
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන - ලංකාවේ ආණ්ඩුව එහෙම කවදාවත් පඩි නොගෙවා ඉන්නේ නෑ. එහෙම පඩි නොගෙවා ඉන්න බෑ. ඒ සඳහා සොයාගෙන ගෙවනකොට වෙනත් ගෙවීම් අඩු කරලා තමයි පඩි ගෙවන්නේ. ප්‍රාග්ධන වියදම් කපලා තමයි රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ. එහෙම කරලා තමයි මේ මූලය කළමණාකරණය කරන්නේ. ඒකයි මේ තියෙන අර්බුදය. තේරැම් ගන්න.
popular news
-
samson de silva Friday, 23 September 2022 03:46 AM
Rajaye sewakayo bayawenna epaa. Nelum kuluna balanna ena ayagen maara aadayamak enawaa. Ema aadaayama hondatama ethi okkomalage padi gewanna.
Reply : 0 0
LGPJ Friday, 23 September 2022 06:05 AM
un bearable expenses by him. Oh my lord. !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

