රාජ්‍ය සහ පෞද්ගලික අංශ මහජන බැංකුවෙන් තම ගිණුම් ඉවත් කරයි?
මහජන බැංකුවේ පවතින ගිණුම් වහාම වෙනත් බැංකු වෙත මාරු කිරීමට කටයුතු කරන බව රජයේ සියලුම සංස්ථා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
මීට අමතරව පෞද්ගලික ව්‍යාපාරිකයන් රැසක් ද මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වාචිකව දැනුම් දී ඇත්තේ කණගාටුවෙන් වුවද සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇති බවයි.
වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම ගැටළු මතු වුවහොත් සිය ව්‍යාපාරික කටයුතු වලට බලපෑම් එල්ල විය හැකි බැවින් කණගාටුවෙන් වුවද තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇතැයි ව්‍යාපාරිකයන් මෙලෙස ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
මහජන බැංකුවේ සේවකයන් ද ඊයේ (15) පැවැති වර්ජනයට එකතුවීම හේතුවෙන් සිය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවීමෙන් ගැටළු රැසකට මුහුණදීමට සිදුවූ බව සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් ඇමති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දන්වා ඇත.
රජකාරි කටයුතු වෙනුවෙන් මහජන බැංකු වෙත ගිය සේවකයන්ට අවශ්‍යතා වෙනුවෙන් මුදල් ගැනීමට නොහැකි වූ බවත් එම නිසා වෙනත් විකල්ප මාර්ග සෙවීමට සිදුවීමෙන් සේවාදායකයින් අපහසුතාවයට පත්වූ බවත් රාජ්‍ය සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාතයාංශයට පැහැදිලි කර දී තිබේ.
එම නිසා අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස සලකමින් සිය ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කොට වෙනත් බැංකු වෙත මාරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත.
රජයේ සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (16) මුදල් අමාත්‍යාංශයේ දී අදාල බලධාරීන්ට දැනුම් දුන්නේය.
popular news
-
Nandana Thursday, 16 March 2023 09:35 AM
Banku wala inna sewakayo hit Hagen a inne api sewakayo un ganudenu karuwo kiyala, account eka paranai Kiya deparak hithanna epa marukaranna, mokada account eka paranai kiyala labena kisima deyak natha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
