රාජ්‍ය වෙසක් උත්සවය කූරගලදී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය බලංගොඩ කූරගල ඓතිහාසික පුදබිම කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට තීරණය කළ බව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කූරගල ඓතිහාසික පුදබිම පූජා භූමියක් ලෙස නම් කිරීමට හා කූරගල පුදබිම පිහිටි බලංගොඩ සහ කල්තොට ප්‍රදේශ ආශ්‍රිතව යටිතල පහසුකම් දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කර කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කොළඹ ඇතුළු ප්‍රධාන නගර වල වෙසක් උත්සව සංවිධානය කිරීම කෙරෙහි අවධානය යොමුකරන ලෙසත්, වෙසක් බැති ගී සංදර්ශන, දන්සැල්, වෙසක් පහන් කූඩු තරග, පරිසර සංරක්ෂණ වැඩසටහන්, විශේෂ ආගමික වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන් පැවැත්වීම කෙරෙහි මෙන්ම විහාරස්ථාන,දහම් පාසල් සහ පිරිවෙන් නගාසිටුවීම පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට ප්‍රථම නාගදීප රජ මහා විහාරය පූජා භූමියක් ලෙස නම් කර ඊට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
