රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයට රු.මි. 250ක් වැය කළත් ප්‍රතිඵලයක් නෑ
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය පවත්වාගෙන යාම සදහා 2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුල රුපියල් මිලියන 157.7ක මුදලක් සහ උපදේශකවරුන් වෙනුවෙන් රුපියල් මිලියන 193ක වියදමක් දරා තිබුණද එම අපේක්ෂිත කාර්යය මෙම වර්ෂයේ මැයි මස අවසන්වනවිටත් සම්පූර්ණ වි නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරිමට අදාළව මෙම ඒකකය ස්ථාපිතකොට තිබුණි. ප්‍රතිව්‍යුහගත කිරිමට යෝජනා වි තිබු ආයතන 07ක් සදහා ගණුදෙනු උපදේශකවරුන් පත්කිරිම සදහා 2023 වර්ෂයේ දි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබුණි.ගණුදෙනු උපදේශකවරුන් වශයෙන් ගිවිසුම්ගත වු විදේශිය ආයතන දෙක සදහා 2024 වර්ෂයේ දි මුදල් අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 193ක මුදලක් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය 32ක් ප්‍රතිව්‍යුහගත කිරිම සදහා 2025 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වැනිදින පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේ දි අනුමැතිය හිමිවි තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
