ලෝක බැංකු සමූහ ව්‍යාපාරයේ සභාපති ඩේවිඩ් මැල්පාස් මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊජිප්තුවේදී පවත්වා තිබේ. දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාවිම පැවැති මෙම හමුවේදි ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක සාර්ව ආර්ථික හා සමාජීය තත්ත්වය සහ ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව දෙපාර්ශයේ සාකච්ඡාවට ලක්ව තිබේ.
දැනට පවතින ණය අර්බුදය කාලෝචිත සහ ඵලදායි ලෙස විසඳා ගැනීමේ වැදගත්කම මෙහිදී ලෝක බැංකු සභාපතිවරයා විසින් අවධාරණය කර ඇති අතර ළ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කඩිනමින් එකඟ වීම සඳහා ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශවීය ණය හිමියන් සමඟ දිගටම සාකච්ඡාකරන ලෙස ද ලෝක බැංකු සභාපතිවරයා පවසා තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විශාලත්වය මෙන්ම රාජ්‍ය වියදම්වල කාර්යක්ෂමතාව සහ රාජ්‍ය ව්‍යවසාය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්ව තිබේ.
IDA සහනදායී මූල්‍යකරණය, තාක්ෂණික සහය සහ ප්‍රතිපත්ති උපදෙස් හරහා ශ්‍රී ලාංකික ජනතාවට ඔවුන්ගේ ආර්ථිකය යළි ගොඩනැගීමට සහ තිරසාර පෞද්ගලික අංශයේ ප්රමුඛ වර්ධනය සඳහා පදනමක් නිර්මාණය කිරීමට ලෝක බැංකු සමූහයේ සහය ලංකාවට ලබාදෙන බව සභාපතිවරයා විසින් මෙහිදි තහවුරු කර තිබේ.
පොහොර භාවිතයට සහය වන ඵලදායි වැඩසටහන් හරහා මෙන්ම සංචාරක හා අධ්‍යාපනය ඇතුළු සේවා අංශයේ ශ්‍රී ලංකාවට ඇති විශාල විභවයන් ඇතුළුව කෘෂිකාර්මික නිෂ්පාදනය සහ වටිනාකම් දාමයන් වැඩිදියුණු කිරීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබේ.
