ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින විදේශ සංචිත නංවාලීම සඳහා වටිනා රාජ්‍ය වත්කම් බදු දීමෙන් හෝ විකිණීමෙන් ඇ.ඩො. බිලියන 8ක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව අලුතින් පත් කළ ආර්ථික උපදේශක කමිටු වාර්තාවෙන් හෙළි වී තිබේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇ.ඩො. බිලියන 2කට, මත්තල ගුවන්තොටුපොළ ඇ.ඩො. මිලියන 300කට සහ රත්මලාන ගුවන් තොටුපොළ ඇ.ඩො. මිලියන 400කට දීර්ඝකාලීනව බදු දීම එම ලැයිස්තුවේ තිබූ ප්‍රධාන වත්කම් අතර විය.
උතුරු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය ඇ.ඩො. මිලියන 600ක ආයෝජනයකට ලබාදීමට කටයුතු යෙදීම මෙන්ම, කොළඹ වරාය නගරයේ ඉඩම් ඇ.ඩො. බිලියන 4කට බදු දීමටද නියමිතය.
එමෙන්ම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය බහාලුම් හැසිරවීමේ ධාරිතාව පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් උතුරු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට සැලසුම් ඇත්තේ, අනෙකුත් සියලුම වරාය සේවා තවදුරටත් සැපයීමේ බලාපොරොත්තුවද සමගිනි.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ තවත් කොටස් ඇ.ඩො. මිලියන 500කට සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් කොටස් ඇ.ඩො. මිලියන 300කට අලෙවි කිරීමද ඒ අතර විය.
රටේ සංචිත තත්ත්වය ඉහළ නැංවීමේ තවත් පියවරක් ලෙස මෙහෙයුම් සහ මූල්‍ය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා කෙටිකාලීනව රජයේ බහුවිධ සැලැස්මේ කොටසක් ලෙස උපායමාර්ගික නොවන රජය සතු වත්කම් අඩු කිරීමට මෙහිදී යෝජනා කර ඇත.
මහීෂා චන්ද්‍රගුප්ත