රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා නව සභාපතිවරුන් පත්කිරීම ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (13දා) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදුකර තිබේ.
රූපවාහීනි සංස්ථාවේ සභාපතිවරයා ලෙස අසංක ප්‍රියනාත් ජයසුරිය මහතා, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස වරලත් ගණකාධිකාරි ගණක අමරසිංහ මහතාත් සහ හඩ්සන් සමරසිංහ මහතා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් පත්කර තිබේ.