රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි
ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව හා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය
හිමිව තිබේ.
මෙම බැංකු දෙකටම කුඩා වෙළ ඳ පොළ කොටසක් සහිත කුඩා මූල්‍ය ආයතනයන් බවත් තැන්පතු රැස් කිරීමේ සීමිත ධාරිතාව, දුර්වල ලාභදායිත්වය, අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සපුරාලිමට ඇති නොහැකියාව හේතුවෙන් ඒකි බැංකුවල වත්මන් ව්‍යාපාර ආකෘති තිරසර නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.
ඒ් අනුව ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සතු සියලුම රජය සතු කොටස් හිමිකම ලංකා බැංකුව වෙත අත්පත් කරගෙන
ලංකා බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට නියමිතය.
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සියලු කොටස් මහජන බැංකුව වෙත අත්පත් කරගෙන ඒම බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමටත් ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිප් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

