රාජ්‍ය ප්රචණ්ඩත්වය අද වන විට බරපතළ ලෙස ක්‍රියාත්මක වන බවත් අලුත් ගමනක් වෙනුවට ඇත්තේ පරණ ප්රචණ්ඩ ගමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මහජන නියෝජිතයින් සහ වෘත්තිකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති ජාතික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
ජනතාව විසින් කරනු ලැබූ ප්රජාතන්ත්රවාදී අරගලයට මුල්ම ප්‍රහාරය පසුගිය මැයි මස නව වෙනිදා රාජ්‍ය ප්රචණ්ඩත්වය දියත් කරමින් එල්ල කළ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
හැටනව ලක්ෂයක බහුතරයකින් පත්වූ ජනාධිපතිවරයා මහජන අරගලයක් මගින් රටෙනුත් නෙරපා හැරි තත්ත්වයක් තුළ අත්තනෝමතික ලෙස හැසිරෙනු නොහැකි බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, එම්. ඒ. සුමන්තිරන්, පී දිගම්බරම්, හර්ෂ ද සිල්වා, ඩිලාන් පෙරේරා, මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
