රාජ්‍ය විශ්ව විද්‍යාලයන් සඳහා ඇතුලත් වීමේ කඩඉම් ලකුණු ප්‍රමාණවත් නොවන සිසුන් සඳහා රාජ්‍ය නොවන උපාධි ප්‍රධානය කරනු ලබන පිලිගත් ආයතවලින් උපාධි පාඨමාලා හැදැරීම සඳහා පොලී රහිත ණය පහසුකම් සැපයීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දැනට ශිෂ්‍ය කණ්ඩායම් පහක් මෙම වැඩසටහන යටතේ ප්රතිලාභ ලබා ඇති අතර හය වන කණ්ඩායම සඳහා සුදුසුකම් ලබන සිසුන්ද මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඒ අනුව මේ දක්වා අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන්ට අනුව හත්වන කණ්ඩායම සඳහා සිසුන් 5000ක් සඳහා පහසුකම් සලසා දීමටත් අධ්‍යාපන ඇමතිවරයා විසින් ඉදිරිපත් කල යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.