රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2025දී සුවිශේෂී මූල්‍ය ප්‍රගතියක් ලබයි
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව 2025 වසරේ සිය මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂි ප්‍රගතියක් වාර්තා කරයි.
ආදායම් බදු සහ භාණ්ඩාගාර බද්ද හරහා රජයට ලබාදුන් දායකත්වයේ සියයට 173 ක වර්ධනයක්.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ජීවනී නිෂ්පාදන අලෙවි ආදායම (ORS) 26% කින් ඉහළට, රාජ්‍ය ඔසුසල ආදායමේ 09% ක වර්ධනයක්.
වසර 53 කට අධික කාලයක් පුරා තරඟකාරී මිල ගණන් යටතේ ගුණාත්මක බව සහතික කළ ඖෂධ මෙරට සෞඛ්‍ය සේවාවට සැපයීමට සහ ජනතාවට දැරිය හැකි මිලකට ලබාදීමට කටයුතු කරන ශ්‍රි ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (State Pharmaceuticals Corporation of Sri Lanka - SPC) 2025 වසරේ සිය මූල්‍ය කාර්ය සාධනයේ සුවිශේෂී ප්‍රගතියක් වාර්තා කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 2025 වසරේ ප්‍රගති සංක්ෂිප්ත වාර්තාවට අනුව 2024 ට සාපේක්ෂව, 2025 වසරේ ආදායම් බදු සහ භාණ්ඩාගාර බද්ද හරහා රජයට ලබාදුන් දායකත්වය රුපියල් මිලියන 1,118 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 173% ක වර්ධනයක් සනිටුහන් කරන බව ද ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පෙන්වා දෙයි.
ඉතිහාසයේ පළමු වතාවට, DHS supplies සැපයුම් සඳහා ඉන්ඩෙන්ට් නිකුත් කිරීම හරහා 2025 වසර සඳහා වාර්ෂික අරමුදල් වෙන්කිරීමෙන් 100% ක උපයෝජනයක් ලබා ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට හැකි වී ඇති අතර, ජීවනී නිෂ්පාදන (ORS) 36% කින් වර්ධනය වූ බවත්, පසුගිය වසරට (2024) සාපේක්ෂව ජීවනී නිෂ්පාදන අලෙවි ආදායම (ORS) 26% කින් වැඩි වී ඇති බවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පෙන්වා දෙයි.
2024 ට සාපේක්ෂව ශ්‍රි ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසල ආදායම ද 09% කින් වර්ධනය වී ඇති අතර, එහිදී කිරිබත්ගොඩ, නාරාහේන්පිට, කෑගල්ල, කල්මුනේ සහ මඩකලපුව යන ප්‍රදේශවල නව ඔසුසල ශාඛා 05 ක් පිහිටුවීම සහ අඛණ්ඩ කාර්ය සාධනයේ වැඩිදියුණු කිරීම් සමඟින් බොහෝ අලෙවිසැල් ලාභදායී වී ඇත.
ඖෂධවල ගුණාත්මකභාවය සහ ආරක්ෂක ප්රමිතීන් වැඩි දියුණු කිරීම සඳහා ISO 17025 රසායනාගාර ප්‍රතීතන ක්‍රියාවලිය (laboratory accreditation process) ද ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරම්භ කර ඇත. එමෙන් ම ආයතනික සමාජ වගකීම් (CSR) මුලපිරීම්වල කොටසක් ලෙස, රට පුරා සෞඛ්‍ය කඳවුරු සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ද සංවිධානය කරමින් සබුද්ධික ඖෂධ භාවිතය පිළිබඳව ප්‍රජාවන් දැනුවත් කිරීම සහ වඩා හොඳ සෞඛ්‍ය පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම් වැනි වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාවට නැංවීමට කටයුතු කර ඇත.
ඖෂධ, ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය, රසායනාගාර රසායනික ද්‍රව්‍ය සහ උපකරණ සපයන ආනයකරු ලෙස, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සිය මූලික මෙහෙයුම් වලට අමතරව, අත්‍යවශ්‍ය ඖෂධ සඳහා ප්‍රවේශය සහතික කරමින්, රට පුරා ප්‍රජාවන්ට සේවය කරන රාජ්‍ය ඔසුසල් ජාලය අධීක්ෂණය කිරීම ද සිදු කරනු ලබයි.
රාජ්‍ය ඔසුසල් වෙත නිකුත්කරන සියලුම ඖෂධ වෙළඳපොළට නිකුත් කිරීමට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අති නවීන රසායනාගාර මඟින් අදියර හතරක දී සම්පූර්ණ තත්ත්ව පරීක්ෂාවන් සිදු කරන අතර, සෑම නිෂ්පාදනයක්ම ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවයේ ඉහළම ප්රමිතීන් සපුරාලන බව ද සහතික කරනු ලබයි.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මෙහෙයුම් කටයුතු 2025 වසරේ කිහිපවරක්ම පෞද්ගලිකවම නිරීක්ෂණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඖෂධ සැපයුම් කටයුතු සහ එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටළු පිළිබඳවත් අවධානය ද යොමු කරන ලදි. එහිදී ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන් ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්රයේ ගැටළු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලුම සේවකයින් ධෛර්වත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත් රජය සෑම විටම පෙනී සිටින බව ද තහවුරු කරමින් අවශ්‍ය මඟපෙන්වීම් සිදු කරනු ලැබීය.
2026 වසර තුළ ද ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සිය මෙහෙයුම් ජාලය තවත් පුළුල් හා ශක්තිමත් කරමින් සිය ආයතනයේ කාර්ය සාධනයේ ප්‍රගතීන් අත්පත් කර ගැනීමට නිරතුරුව කැපවන බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනුජ් සී වීරසිංහ මහතා, කළමනාකාර අධ්යක්ෂ එම්. එල්. සුබසිංහ ආරච්චි මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය පෙන්වා දෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

