රාජ්‍ය ඇමති නිරෝෂන් විශ්වාසභංයට පක්ෂ වෙයි
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙදී තමන් ඊට පක්ෂව ඡන්දය ලබා දීමට තීරණය කල බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.
අද පස්වරුවේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් පිළිබඳව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යුධ හමුදාපතිවරයට බලපෑම් කල බව මේ වනවිට සනාථ වී තිබෙනවා. යුධ හමුදාපති ප්‍රකාශ කර තිබෙනවා අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමන්ට දුරකථන ඇමතුම් ලබා දුන් බව.
ඒ වගේම අමාත්‍යවරයාත් ඇමතුම් ලබා දුන් බව පිළිගෙන තිබෙනවා. මෙම තත්ත්වය මත ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු වලට අමාත්‍යවරයාගේ හැසිරීමෙන් බලපෑමක් සිදුවන බවට ප්‍රබල සමාජ මතයක් ගොඩනැගී තිබෙනවා. මේ නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසීමට පෙර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සියධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. එසේ නොවුනොත් විශ්වාසභංග යෝජනාවේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව තමන්ඡන්දය ප්‍රකාශ කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

